Monday 17 March 2014

ආර්ටික් වෘකයො

ඔන්න අද හා හා පුරා කියලා ආර්ටික් වෘකයො දැකගන්න ලැබුනා. රන්චුවක්ම කන්දක් උඩ හිටියත් ලගට ඇවිත් හැඩ පෙන්නලා ගියේ එක්කෙනයි. අද හොදට ඉර පායල තිබුන නිස කට්ටිය එක්ක අව්ව තපිනවා. බලන්න එපැයි ලස්සන. ලගටම එනවා කිසිම බයක් සැකක් නෑ. බලු පැටව් වගේ :) 


ඔන්න කට්ටියට බලගන්න පින්තූර









Sunday 16 March 2014

මේ දෙව්ලොවයි හිම කදු මුදුනට පෙනෙන

පාරාදීසය කියලා කියන්නේ මෙන්න මේකට, පුන්චි කදුගැටයක් උඩ තියන රිඩ්ජ් ලැබ් එකේ ඉදන් හිම කන්ද දිගේ පහලට ලිස්සා ගිහින් ආයෙත් කන්දක් උඩට නැග්ගම තමයි මේ අපූරු පාරාදීසය හම්බුවෙන්නේ. මුලු ලෝකෙම අමතක කරලා දාලා ඉන්න පුලුවන්

දිදුලන හිරු දෙවිදුනම් සක්‍ර,
වලාපට නොඅනුමානය දෙවගන රගන,
මේ දෙව්ලොවයි හිම කදු මුදුනට පෙනෙන,
අහෝ දෑස් කිම නොදකින හිම කතරේ සුරපුර මැවුන





මේ කදු ගටේ උඩට අවාම ඈත තියන තවත් පුන්චි දූපතක් පවා පේනවා. හැබැයි මහ මුහුද සේරම හීතලට ගල්වෙලා. වලාකුලු අතරින් හිරු කිරණ පෙරිලා හරි අපූරුවට පොලවට එනවා, ඒත් ඒ හිරු කිරණට මහ පොළව සිබින්න වරම් නෑ. දිලිසෙන පිවිතුරු හිම පියලි ආපහු හිරු රැස් අහසට හරවලා යවනවා. රැහැය්යෙක්වත් නෑ නිහඩ බව බිදින්න. හීතල කදු මුදුනේ හීතලම හීතල හුලන් වැදි වැදී පොළව මත වැතිරිලා දැඑස් වහගෙන ඉන්න ශාම් අමතක කලේ නැ.



මුලු ලොවම නැති උනත් එකම එක තැනක් තියේවි පරිස්සමට ආපහු දවසක ශාම්ට ඇවිත් සොබා රස විදලා යන්න, ඒ වෙන කිසිම තැනක් නොවී මෙතැනම වෙන්න කියලා ශාම් ප්‍රාර්ථනා කරනවා.

Saturday 15 March 2014

සුදු නරි

ශාම් මෙච්චර දවසක් දුකින් හිටියේ එයාට කිසිම සතෙක් දැකගන්න ලැබුනේ නෑ කියලා. අද හැන්දෑවෙත් පෝල් කියුවා යමු යූරීකා කුණු වල ගාවට ඒ හරියේ එයාලා පහුගිය දවසක එක නරියෙක්ව දැකපු නිසා. ඉතින් යන්න වෙලාව තිබුන නිසා ශාම් පාර්කාව තියන දොර ලග කාමරේ ඉදන් ගේම් එකක් ගගහ ඉන්නකොට ඈත ඉදන් සත්තු දෙන්නෙක් දුවන් එනවා දැක්කා, හරිම පොඩියට පෙනුනේ.මොකා උනත් කමක් නෑ කියලා පට ගාල පාර්කාවත් ඇදගෙන ශාම් බැස්සා එලියට. බැහැලා සත්තු ආපු පැත්තට ඇවිදන් ගියා. ඔන්න එතකොට ගරජ් එක යටින් සද්දයක් එනවා. එතකොට තමයි ශාම්ට නිකමට වගේ හිතුනේ මුන් වෘකයෝද දන්නෙ නෑ කියලා. කමක් නෑ කට්ටිය එනකන් ඉන්නවා කියලා අපහු නැවතුම් පොල දිහාවට එන්න හැරුන විතරයි ශාම්ව පහු කරගෙන හුරතල් නරි පැටව් දෙන්නෙක් දුවන්න පටන් ගත්තා.


 දෙන්නත් එක්ක සෙල්ලම. මුලු කාලගුන මද්‍යස්තානේ වටෙටම දුවනවා, හරිම හුරතල් එක පාරටම ශාම්ගෙ ඉස්සරහටම දුවන් ඇවිත් ගානක්වත් නැතුව පහු කරගෙන යනවා. එක්කෙන්ක් හිම ගොඩේ මූන ඔබාගෙන, අනිත් එකා මෙලො සිහියක් නැතුව දුවනවා. ශාම්ට එයාගෙ බලු පැටියව තමයි මතක් උනේ මේ නරි කොලන් දැකලා. බොහොම අමාරුවෙන් පොටො දෙක තුනකුත් අල්ලගත්තා. උන්ගේ වේගෙත් එක්ක ශාම්ට හැරෙන්නත් අමාරුය්. 




අද රෑ සෙන්ට්.පැට්‍රික් දිනය වෙනුවෙන් මෙහේ පොඩි පාර්ටියක්. ඉතින් ඒකට රෙඩි වෙන්න ඔනේ නිසා අදට නවතින්නම්. ඊයේ ශාම් සහ සෝෆි පාරාදීසයේ හිම මත ලිස්සා ගියපු හැටි හෙට කියන්නම්.

Tuesday 11 March 2014

තැපැල් කන්තෝරුව


යුරීකාවේ තැපැල් කන්තෝරුව පටන් අරන් තියෙන්නේ 1947, ලංකාවට නිදහස හම්බෙන්නත් කලින්.ඒ කාලේ ඇමෙරිකාවයි කැනඩාවයි එකතුවෙලා මේ පැත්තේ පර්යේශන පටන් අරගෙන තිබිල තියනවා. මුල් කාලීනව මෙහෙට ලියුම් එනවා විතරලු. යුරීකාවට උඩින් පියාසර කරන ගුවන්යානයක් ලියුම් මලු පහලට දානවලු. පස්සේ ඒවැඩේ නතර කරන්න වෙලා තියනවා සිදුවුන ගුවන් අනතුරක් නිසා. දැන් තියන තැපෑල වැදගත් වෙන්නේ මෙහන් ලියුම් අරින්නත් පුලුවන් යවන්නත් පුලුවන්, අනිත් දේ තමයි මුද්දර රටින් රටට වෙනස් නේ හැබැයි එතකොට වෙන තැනකට යවනකොට ඒ මුද්දර කැන්සල් කරලා අලුත් මුද්දර ගහන්න වෙනවනෙ, මෙහෙන් යවන ලියුම් වලට ඒවා ඔට්ටු නෑ. මුද්දර කැනසල් කිරීමේ හැකියාවත් මෙහෙට තියනවා. ජේන් කියනවා සමහරු මෙහාට ලියුම් එවනවලු මෙහේ තියන මුද්දර ගන්න. ඉතින් එහෙම අයට එයාල සීල් ගහලා ආපහු ලියුම් යනවලු.එහෙම මුද්දර එකතු කරන අයත් මෙහේ ඉන්නවා, අපේ රටෙත් එහෙමනේ.




මේ තෑපෑල අලුත් විදියට පටන් අරන් තියෙන්නෙ අලුත් කාලගුණ මධ්‍යස්ථානය හැඩුවත් එක්කමලු, ඒ කියන්නේ 2003 වසරේ විතර. කාලගුණ මධ්‍යස්ථානයේ කට්ටියම තමයි.තෑපෑල කරන්නෙත්. ජේන් තමයි එකේත් බාරකාරයා, මේ ඉන්නේ ජේන්.



එයා තමයි දිනපතාම කාලගුණ තොරතුරු එකතු කරන බැලුන් සහ ඕසෝන් බැලුන් යවන්නේ. මතකනේ ශාම් මෙහෙට ආපු දවස්වල මුලම එයාට බැලුමක් උඩ අරින්න ඉඩ දුන්නේ මෙයා තමයි.
ශාම් සහ සෝෆි කන්තෝරුවෙ තියන හැම සීල් එකක්ම කොලේක සටහන් කරගන්න අමතක කලෙත් නෑ. මීට අමතරව ජේන් කාලගුන බැලුන් ගැනත් පොඩි විස්තරයක් කලා.ඒ ගැන පස්සේ කියන්නම්.








දන්න විදියට යුරීකා තැපැල් කන්තෝරුව තමයි උතුරු කැනඩාවෙ තියන හීතලම තැපෑල. ඉතින් ලෝකෙත් හීතලම තැන මෙතන වෙන්න පුලුවන් කියලා ජේන් කියුවා.මොකද දක්ෂිණධ්‍රැවයේ මිනිස් වාසබූමියකට කියලා තියෙන්නේ ඇමෙරිcආනු කාලගුන පර්යේෂණ ආයතනය විතරක් නිසාත්, එතනට ගියපු මහාචාර්ය ටොම්ට අනුව විශේශ තපෑලක් එහේ නොතිබුන නිසාත්.


මේ ඉන්නේ සෝෆි..

විශේෂයෙන්ම අද මේ කතාව කියන්න ශාම්ට උදව්වුනේ සෝෆි, එයා තමයි මේ හුගාක් පින්තූර අරගෙන දුන්නේ.  Thank you Sophie :)

Saturday 8 March 2014

හිරු සදු එකවර දෙපස නැගේ.

හිරු සදු එකවර දෙපස නැගේ, කලුවර ඇයි විජිතයම මගේ (පිස්සුද  කලුවර නෑ මෙහේ )

මෙන්න තවත් අපූරු දසුනක්. මේක දැකපු ගමන් ශාම්ට ඔලුවට ආවේ උඩ තියන සිංදු කෑල්ල. ඉර එක කොණක, හද එක කොණක, ඇයි ශාම් එයා තව කොණක.  ගෙදරින් ඈත් වෙලා ජීවිතේ කවදාවත් නොදැකපු තැන්වල තනිවෙනකොට ඉර හදට පෙම් කරන්න හිතෙන එක පුදුමයක් නෙමේ.



one side of the sky 08.03.2014

other side of the sky 08.03.2014


ඉරේ උණුසුම දැනෙනවා මදි 
සදේ සිසිලස දැනෙනවා මදි 
දුරයි ඉර 
දුරයි සද 
මට බෝ දුරයි
ඇත සිට නෙත් යොමාගෙන ඉරත් සදත් මා දෙස බලයි
සිහිනයෙන් ලං වෙමි 
හෙමින් අමතමි මව්නි පියාණෙනි ආදරෙයි


මම බොහොම බය උනා

යූරීකාවේදී ශාම් බයවුන පලවෙනි දවස අද. මහ පාන්දර හීනෙන් දැක්ක ලේසර් එකට මොනාද වෙලා දත්ත ගන්න එක නැවතිල කියලා.ඉතින් පට ගාලා ඇහැරිලා ලැප්ටොප් එකෙන් බැලුවා දත්ත එනවද කියලා. මාර වැඩේ කියන්නේ ලැබ් එකේ ලේසර් එක පාලනය කරන කොම්පියුටර් එකයි මගේ ලැප් එක අතරෙ තියන නෙට්වර්ක් එක නැවතිලා.කොච්චර උත්සාහ කලත් කනෙක්ට් වෙන්න බෑ. මොනවා කරන්නද ඉතින් පලාතටම ඊමේල් දැම්ම. මොනාද කරන්න ඔනේ කියලා අහලා. කවෘත් නිදිද කොහෙද නූ රිප්ලයි.
ඉතින් ශාම් ගියා ලැබ් එකට. ලේසර් කණ්ණාඩියත් දගෙන ලේසර් කාමරීට ගියා.ගිහින් බලුවම ලේසර්එක වැඩ, හැබැයි කොම්පුටර් එක ගල් වෙලා. ඉතින් මොනා කරන්නද ශාම් එක රීස්ටාර්ට් කලා. කරලා කාමරෙන් එලියට ඇවිත් ආයෙත් ඊමේල් දැම්මා හැලිෆැක්ස් ඉන්න ඔපරේටර්ට. වෙලාව හොදයි මිනිහා නැගිටලා. ඉතින් ලේසර් එක ශාම් නවත්තල ඔපරේටර්ට කිඋව විස්තරේ. එයා කියපි ඇයි ඒක නැවැත්තුවේ කියලා, ඉතින් ශාම් හොදටම බය වෙලා ආඵු පාරක් ඔන්න ලේසර් එක අහසට විදින්න කොම්මන්ඩ් එක දුන්නා. හැබැයි දත්ත එකතුවෙන රෙකෝඩර් එක නැවතිලා, ඒකයි ශාම් ඇත්තටම ලේසර් එක නැවැත්තුවේ. ඔවා ඔක්කොම කිය කිය ඉන්න වෙලා නැනෙ අනේ කාටවත්ම බය වෙලා ඉන්න කොට :D

ඉතින් ඔපරේටර් වැඩේ ගොඩ දැම්මා. ශාම් නිවන් ගියා වගේ දැන්. ආපහු කාලගුණ නැවතුමට එනකොට මගදි ජෝන්ව හම්බුවුනා ශාම්ට, එයා ඇහුවා වාහනේ පොඩි රවුමක් යමුද කියලා, ජෝන් තමයි මෙතන ලොකුම ලොක්කා. ඉතින් ශාම්ටත් ලැබුන චාන්ස් එක මගාරින්න ඔනේ නෑනෙ.පට ගාල නැග්ගා වාහනේට. ජොන් ශාම්ට වටේම තියන බිල්ඩින් සහ ඒවාය්න් වෙන වැඩ එහෙම කියලා දුන්නා. ජොන් මුලින්ම මෙහාට ඇවිත් තියෙන්නේ 1978 අවුරුද්දේ. පිස්සු හැදෙනවා. ඉතින් ශාම්ට ඊයේ සත්තු බලන අවස්තාව මගඇරුනු නිසා ජෝන් ශාම්ව එක්කන් ගියා සත්තු නිතර එන තැනකට. ඒක තියෙන්නේ යුරීකා ගුවන් පතය ලග. අතරමගදි ශාම් දැක්කා සම්පුර්න ඉර බල්ලෙක් (සන් ඩොඅග්). එක පැත්තක ඉර පායලා, අනිත් පැත්තේ අඩසද. මේ දෑස මගේ පින්වන්ත්තයි තේරුනේ දැන් තමයි..... ශාම් යුරීකාවට ඊයෙටත් වඩා අද ආදරෙයි.







 බ්යි ද වේ ලංකාව ආසියානු කප් එක දිනුවනේ ශාම් වටේ පිටේ ඔක්කෝටම එම්.ආර් ගේ සාපේ ගැන කියල පොඩි ෆන් එකක් ගන්නත් අමතක කලේ නෑ

Friday 7 March 2014

හිම කදු තරණය සහ රෝස ගල් දඩයම

ඊයේ හැන්දැවේ ශාම් ඇතුලු කට්ටිය පොඩ්ඩක් ඇවිදින්න ගියා කියලා දන්නවනේ.කොහෙද ගියේ කියලා සහ ගමන ගැන විස්තර කියන්න තමයි අද මේ ලෑස්ති වෙන්නේ. හැබැයි දැන් කට්ටිය ෆිල්ම් එකක් බලන්න සෙට් වෙලා ඉන්නේ කතාව කෙටි වෙයි.

ශාම් ඇවිදින්න ගියේ 0PAL එහෙම නැත්තම් ශාම් වැඩ කරන ලැබ් එක පිටිපස්සේ තියන කදුපන්තියට.හෙමින් හෙමින් කදු නගින්න පටන් ගත්තා කට්ටිය.හරිම ෆන් වැඩේ හිමවලට යට තියන අයිස් තට්ටු පේන්නේ නෑ.ඉතින් සමහර තැන් වලට අඩිය තියන කොට අයිස් තට්ටු ඉරිතලන හඩ ඇහෙනවා.හැබැයි බය වෙන්න දෙයක් නෑ ශාම්ගේ කණ්ඩායමේ ලොක්කා යූරීකාවල හැමතැනම දන්නවා, හැම තැනම ඇවිදලා තියනව. කිසිම භයානක දෙයක් කරන්න එයා එහෙම ඉඩ දෙන්න්නේ නෑ

මේ තියෙන්නේ ශාම් නැගපු කන්ද

 කන්ද උඩට නැග්ගම ඈත කදු හොදට පේනවා, ගල් වෙලා ගිය වතුර පාරවල්. උත්තරධ්‍රැවයේ ඉන්න සුදු හාවන්ගේ සහ නරියන්ගේ අඩි පාරවල් හැමතැනම තිබුනා.ඉතින් හැමෝම අඩි පාරවල් දිගේ කන්ද උඩටම ගියා එකම එක සතෙක්වත් දකින්න. ලස්සනම දෙයක් තමයි කදුවල තාමත් කොලපාට තණකොල තියනව.හැබැයි හිම තට්ටුවලට වැහිලා. පුදුම සුන්දරත්වයක් සහ පුදුම නිහඩතාවයක් තියෙන්නේ. කවදාහරි දවසක ශාම්ට තමන්ටම කියලා ගුවන් යානයක් ගන්න ලැබුනොත් අනිවා මෙතන හඩන්වා පොඩි පැල් කොටයක් ඇවිත් නිදහසේ ඉදල යන්න. වැදගත්ම දේ තමයි තාම මේ පලාත බොහොඅ මිනිස්සුන්ගේ ඇස ගැටිලා නැතිනිසා හරිම කිසිම නරකක් නපුරක් නැතුව ලස්සනට තියන්වා. මෙහෙ ඉන්න හැමොම මේ පරිසරයට ආදරේ කරනව නිසා කිසිම සතෙක්ටවත් ගහකට මලකට සහ කොලයටවත් හානියක් නෑ.

දැන් අහයි අයිස් ගොඩේ කොහෙද ගස් කොල මල් කියලා. යුරීකා වල හිම තියෙන්නේ ශීතකාලෙ විතරයි, දක්ශිණධ්‍රැවයේ වගෙ මාස 8ක දිග ශීත කාලයක් මෙහෙට නැහැ. වස්සන්ත කාලයට මේ පලාත බලන්න අපූරුයිලු. ඒ පින්තූර ඔයාලට පෝස්ට් කාඩ් වලින් පෙන්නම්නම්.


මේ කදු පන්ති අතරේ රෝස පාශාන විශේෂය තියනවා කියලා පෝල් කියුවා. රෝස ගල් වල තියනවලු දියමන්තිවගේ දිලිසෙන පොඩි කැබලි.ඒවා ආබරණ හදන්න එහෙම ගන්නවලු. ශාම් ඇතුලු පිරිස ගොම්මන් කලුවරේ ෆෝන්වල එළියෙන් කදුපාමුල රෝස ගල් කැණීමක කලා. අයිස් තට්ටුව කඩනකොට හොද පණයනවා. මේවැඩේ කලේ දැකලා නැති අයට රෝස ගල් බලාන්න මිසක් පුරුද්දකට නෙමේ.කොහොමවුනත් කිසිම කෙනෙක්ට රෝස ගල් හම්බුනේ නැඑ. ඒ නිසා ඔන්න කාලගුණ මධ්‍යස්තානයේ තියන ප්‍රදශන කුටියෙන් රෝස ගල්වල පොටෝ එකක් මෙතන දාල තියන්වා.



අදට ඇති, ශාම්ට මහන්සි අද එයා පෝල් නැත්තන් කන්ඩායම් නායකයා එක්ක ටේබල් ටෙනිස් මැච් එකක් ගැහුවා,ඊට පස්සේ සෝෆි එක්ක ගිම් එකට ගියා,ඊටත් පස්සේ කට්ටියම ෆිල්ම් එකකුත් බැලුවා.
අහා කියන්න අමතක උනා,ශාම් ඇරෙන්න අදානිත් ඔක්කොමලට අද වෘකයෙක් දකින්න ලැබිලා. පොඅල් වාහනේ අරන් ආපහු ඇවිත් ශාම්ව එක්කන් යනකොට ඒ නරක වෘකය පේන්න හිටියේ නැඑ. හ්ම්ම්ම්ම් මොනවා කරන්නද වෙන දවසකවත් බලමු.





රෝස පාශාන

Thursday 6 March 2014

පාරාදීසය

2014,03.06 බදාදා දවස.. උදෙන්ම තිබුන චාටර් ගුවන්යානයේ ඔන්න එමලි ගෙදර යන්න පිටත්වුනා.ශාම් තනිවුනා.තනිවුනා කියුවට තනිවුනේම නෑ. අද පැය විසිහතරම ලයිඩාර් එක දත්ත එකතු කරන විදියට උදෙන්ම සෙට් කලා. හදිසි කාළගුණ වෙනසක් නොවුනොත් හෙට වෙනකන් ඒක වැඩ. ඉතින් ශාම්ට පොඩි නිවාඩුවක් ලැබුනා. ශාම් ඒ නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා.



අද පළවෙනි වතාවට ශාම් යූරීකා වල තියන අනිත් ලැබ් එක බලන්න ආවා. මේ තැනේ නම තමයි රිඩ්ජ්, මේක තියෙන්නෙ පොඩි කදු ගැටයක් උඩ. මේ හරියට කියන්නේ ඉහළ පාරාදීසය කියලා. ඇත්තටම මේක පාරාදීසයක් තමයි.

ශාම් ජීවිතේ දැකලා තියන ලස්සනම තැනක් තමයිමේ. රිඩ්ජ් ලැබ් එක තියෙන්නේ පොළව මට්ටමේ,වටේට හිම කදු වලල්ලක් තියනවා.ඈතින් පේන්නේ හීතලට මිදුනු කරදිය වලල්ල. ඉර අංශක අනූවට පායලා. පුදුමාකාර සුන්දරත්වයක් තියෙන්නේ.
මේ ලැබ් එකේ තමයි ශාම් ඇරෙන්න අනිත් ඔක්කොම වැඩ කරන්නේ.


රිඩ්ජ් ලැබ් එක අයිති වෙන්නේ PEARL  (The Polar Environment Atmospheric Research Laboratory)එකට. 2005 වස් අරේ ඉදන් මෙ අක දිගටම වැඩ. හිම් මට්ටමේ ඉදන් කි.මී 100 වේකෙන් වායුගෝලීය දත්ත එකතු කරන්න මේ ලැබ් එකෙස් තියන උපකරන වලට පුලුවන්.Ellesmere කියන දූපතේ තමයි මෙ ඔක්කොම ලැබ් තියෙන්නේ. ශාම් නැවතිල ඉන්න තැන ඉදන් ලිමී 15 දුරක් තියන්ව මෙතනට. කන්ද උඩට වාහනේ යන අතරමග තමයි 80N කනුව තියෙන්නේ, ඔන්න බලාගන්නකෝ ලොකේ උතුරු අංශක 80 තියන තැන.









තවත් විස්තර මෙන්න මෙතනින් බලගන්නකො.
http://www.candac.ca/candac/Facilities/facility.php?type=PEARL




මේන්න ශාම්ගෙ කැම්පස් එකේ ශාම්ලගේ ගමන ගන ලියවුන විස්තරේ. ඒකත් කැමති අයට බලාගන්න ඔන්න තියන්වා මෙතන.

http://communications.uwo.ca/western_news/stories/2014/March/eureka_moment_provides_unique_opportunity_for_students.html


අද හුගාක් මහන්සි මොකොද හවස කට්ටිය පැය 2ක පොඩි වෝක් එකක් දැම්මා. ඉර එලිය අඩු නිසා ශාම් කැමරාව ගෙනිච්චේ නෑ. හැබයි කොහොම හරි පින්තූර ටිකකුත් හොයාගෙන ඒ ගැන ලියන්නම්.

Wednesday 5 March 2014

ඉර බල්ලා- SUN DOG

ඔන්න ඊයේ උදේ11.30 විතර් දවල් කෑමට නැවතුම් පොලට යන්න ශාම් එමලි එක්ක පිටත් උනා. ලැබ් එකෙන් එලියට එනකොට අංශක 90වට ඉර පායලා. කියන්න බැරි උන දෙයක් ඔන්න දැන් කියන්න යන්නේ, යූරීකා පිහිටල තියෙන්නේ ලෝකේ අංශක 80N කියලා  කියුවනේ දවසක් හැබැයි අමතක වුන කාරනේ මේකයි, මේ දවස් වල ඉර පිහිටන්නේ යුරීකාවල අංශක 90. හරිම ලස්සනයි.

ඉතින් මෙහෙම ඉර යන්තමට පයොල තියන වෙලාවෙ එලියට බැස්සම ශාම්ට ඔක්කොම අමතක වෙනවා. නිල් පාට අහස, සුදුම සුදු හිම කන්දු, ගල් උන ග්ලැසියර් එහෙම වටේම.ඔහොම අවට බලනකොට ශාම් දැක්ක පුංචි දේදුන්නක්, ශාම් කෑගහල එමලිට කියුවා අන්න දේදුන්නක් කියලා.එමලි හිනවෙලා කියපි , නෑ ඔකට කියන්නේ Sun Dog කියලා. මාර වැඩක්නේ. ඩොග් කියන්නේ බල්ලා,ඉර බල්ලෙක් අහසේ.







තවත් විපරම් කරනකොට දැක්කේ අහසෙ තැනින් තැන මේ සන් ඩොග්ස්ලා , හරියටම 4ක් තිබුනා. ඒවා හුගාක් වෙලාවට වක්‍රාකාරව පේනවලු, හැබැයි ශාම් දැක්කේ බාගෙට පායපු සන් ඩොග්ස්ලව. පින්තූර ගන්නත් ටිකක් අමාරුයි ඔක්කොම එකට අහුවෙන්න මොකද එවා තැනින් තැන විසිරිලා තිබුනේ අහසේ.

සන් ඩෝග් කියන්නේ වායුගෝලීය තවත් අපූරු නිමවුමක්, මේක ලෝකේ ඕනෑම තැනක දකින්න පුලුවන්,හැබැයි ඉර  අහසේ ඉතාමත් පහලින් පිහිටන්න ඕනේ, යුරීකා වල මේක සුලබ දසුනක් වෙලා තියෙන්නේ ඉර ඉතා පහල තියන නිසාත් හුගාක් වෙලාවට නොනැවතී වැටෙන අයිස් ක්‍රිස්ටල්ස් නිසාත.  මෙතනති වෙන්නේ ඉර එලිය අයිස් කැට වලට වැටිලා වර්තනය වෙන එකයි.

මීට අමතරව සූර්යාගේ තවත් අපූරු දසුන් යුරීකා වලදි බලාගන්න පුලුවන්. මේ තියෙන්නේ ඒවගේ තවත් දසුනක්. ඉර කොහෙවත් එලිය කොහෙවත්. ලස්සනයිනේ?



ඔස්කාර් රාත්‍රිය




ඔස්කාර් සම්මාන උළෙල පහුගිය ඉරිදා හරි ජයට තිබුනනේ. එලන් තමයි මේ අපූරු සම්මාන රාත්‍රිය මෙහෙයෙව්වේ. මේවා පරණ කතා තමයි දැන් වැඩේ කියන්නේ මේ ටිකේම ශාම් රෑ දාවල් නැතුව වැඩ. ඔන්න අද රෑට එමලි ආපහු ලන්ඩන් බලා පිටත් වෙනවා, හෙට ඉදන් ශාම් විතරයි.

 අද කතාව කියන්නේ ඔස්කාර් උලෙල ගැන. හිම බල්ලා ගැන කියන්නත් තියනව. ඒක දැක්කේ ඊයේ, තව යුරීකාවේ ශාම් ශොපින් කරපු හැටි කියන්නත් තියනවා.

තව ශොයි කතා ගොඩාක් තියනවා. අමතක නොකරම කියන්න තියන කතාවක් තමයි දක්ෂිණ ධ්‍රැව චාරිකාව ගැන.ගමන ගියේ ශාම් නම් නෙමේ,ශාම් එක්ක ඉන්න කණ්ඩායමේ ප්‍රොෆෙසර් කෙනෙක්, එයා බෲස්ටර් කියන ප්‍රසිද්ධ සහ දක්ෂ  භෞතික විද්‍යාඥයාගේ ගෝලයෙක්. ඔන්න කවෘ හඉ මතක් කරන්න මේවා ගැන ලියවුනේ නැත්තම්. ශාම්ට වැඩත් එක්ක කල්පනාව නෑ.

ඉතින් ඉරිදා රත්‍රියේ ඔස්කාර් බලන්න කට්ටියම සෙට් උනා. කෑම බීම හැමදේම තියනවා. සැප පුටු වල දිගා වෙලා ෆිල්ම් හෝල් එකක වගේ තමයි කට්ටිය ඉන්නේ. (කලුවරේ පොටෝ ගැහුවෙ නෑ !!!)
උළෙල පටන් ගන්න කලින්ම හැමොමට සියලුම සම්මාන වලට නිර්දේෂ වෙලා තිබුන ෆිල්ම් වල ලිස්ට් එකක් ලැබුනා.ඒකෙ තම තමන්ගේ මනාප නැතිනම් දිනනවා කියල හිතෙන එවා ලකුණු කලා.


මෙන්න ඉතින් පටන් ගත්තා කියමුකො උළෙල, හැමොම තම තමන් නලු නිලියන් ගැන, ෆිල්ම් ගැන දන්න දෙවල් කියනවා. හරිම විනොදයි. වැඩේ ඉවර වෙනකොට ඉතුරු වෙලා හිටියේ ශාම් ඇතුලු ගැඑනු උදවිය විතරයි, අන්ත්තිමට ගනන් කරල බැලුවා කව්ද වැඩිපුරම සම්මාන ගැන අනාවැකි කියල තිබුනේ කියල. දිනුවේ ජේන්, එයා තමයි ශාම්ට කාළගුණ බැලුන් එහෙම යවන්න කතා කලේ. එයා තමයි තැපැල් කන්ත්තොරුවෙ ලොක්කා,ඊට අමතරව කාළගුණ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා. මේකෙ තිබුන පිස්සුම පිස්සු දේ තමයි සම්මාන වලට නිර්දේෂවුන ෆිල්ම් වලින් 2කට වඩා කව්රුත් බලලා තිබුනෙ නෑ, ඒත් ජේන් කණාගහල 16ක්ම හරියට කියුවා.

"12 years of slave " සහ "Blue Jasmine" ෆිල්ම් කොහොමහරි හොයාගෙන බලන්න ශාම් හිතට ගත්තා. අනිත් එක තමයි ඩි කැප්‍රියෝ මහත්තයට මේ පාරත් සම්මානයක් අහිමිවීම ගැන එතන හිටපු හැමොම දුක උනා, හරියට තමන්ට සම්මානයක් අහිමි උනා වගේ.

ඔය මදෑ...මේක ලියන්නෙ ලේසර් ටේබල් එක උඩ වාඩි වෙලා calibration එකක් කරන ගමන් :P. බයවෙන්න කාරි නෑ ලේසර් එක වැඩ කරන්නෙ නෑ මේ වෙලාවෙ, ඒක් කිවෙ ශාම්ගේ අම්මට දැනගන්න. වෙලාව ලැබෙන හැටියට ඉතුරු කතා කියන්නම්කෝ...


Saturday 1 March 2014

සාමාජශීලී යුරීකාව

යුරීකාවට සෙනසුරාදා රෑ අද. ඉතින් අද ඔක්කොම කට්ටිය එකතුවෙලා එක එක සෙල්ලම් කරනවා, සමහරු බාර් එකෙත්. පර්යේෂණ වැඩ අද එතරම් හොදට ගියේ නෑ.හැබැයි පුරුදු විදියට ශාම්ගේ ලැබ් එකේ ලේසර් දෙක රෑ එලිවෙනකන් වැඩ. මුලු දවසම එමලිගේ පර්යේෂණවලට ඕන කෑලි බෑලි හැදුවා දෙන්නත් එක්ක.වඩු වැඩ, කරන්ට් බාස්වැඩ ඕවා තමයි හුගාක්ම.

දැන් කියන්න හදන්නේ යුරීකා වල සමාජය ගැන. ශාම් එක්ක ඇවිත් ඉන්න හැමොම Cඇණ්ඪැC එකේ වැඩ කරන අය,එයාල ඔක්කොම 8 දෙනයි. මෙහේ ඉන්නවා ඛාලගුණ ආයතනයේ 8දෙනෙකුත්. කොඅකියෙක්,අත් උදකාරිනියක්,මෙකැනික් කෙනෙක්,සහ ප්‍රධාන කාලගුණ පර්යේෂකයෝ 5 දෙනෙක්.

කැනඩාවෙ මිනිස්සුන් පුරුදු වෙලා තියෙන්නේ හැම සිකුරදා හවසම බාර් එකකට, ක්ලබ් එකකට, එහෙමත් නැත්තම් ෆිල්ම් එකකට වගේ වැඩ කරන්න. ඒක හරිම සාදාරනයි කියලා ශාම්ට හිතෙනවා.මොකද ලංකාවෙ වගේ පෝය නිවාඩු,තඉපෝන්ගල් නිවාඩු,හජ්ජි නිවාඩු එකී මෙකී නොකී කිසිම නිවාඩුවක් මෙහේ අයට නෑ.සතිඅන්තේ තමයි හුගාක් අයට විවේකයක් තියෙන්නේ.ඉතින් සිකුරදා හවසට බොහොඅ දෙනා කරන්නේ යලුවො පවුලේ අය එක්ක විවිද විනොදකාමී වැඩ කරන්න.


යුරීකාවෙත් එහෙමයි. හබයි මෙහේ අයට සිකුරාදත් වැඩ. ඔන්න සෙන්සුරදා කට්ටියම පොඩි බාර් එකට සෙට් උනා. සමහරු පොකර් ගහනවා,ශාම් එතනට සෙට් වෙලා ඔන්න පොකර් ගහන්න ඉගෙන ගත්තා. සල්ලි වලට ගහන්නෙ ඉතින් ශාම් ලබන සතියේ සෙල්ලන් කරන්න හිතාගෙන අදට පහුබැස්ස. ඊට පස්සේ ශාම් ගියා එයාගෙ යාලුවො කට්ටිය ඉන්න තැනට එයාල Zombi කියල කැට වලින් කරන සෙල්ලමක් කරනවා. දාදු කැට වගේ උනාට එවාගෙ පාට තුනක් තියනවා එක එක රූපත් තියනවා පුලුවන් තරන් මොලයේ රූප එකතු කරන කෙනා තමයි දිනන්නෙ. ඔය ඉතින් ලාවට කියුවෙ හොන්දේ ;) ඉන්න ඉතින් ශාම් ඒ සෙල්ලමෙන් පළවෙනියා උනා, ශාම් ඉතින් මොලකාරයනේ (වෙන කවුරුත් නැත්තම්! )


පස්සේ ශාම්,පෝල් ,සහරා සහ සෝෆි එක්ක පූල් සෙල්ලම් කරන්න සෙට් උනා.සෝෆි කියන්නේ ශාම් එක්ක එක කාමරේ ඉන්න කෙනා.එයා ටොරොන්ටො යුනිවර්සිටි එකේ පෝස්ට් ඩොක්ටරේට් එකක් කරන්නේ,හැබැයි එයා ප්‍රංශ ජාතිකයෙක්.(අද උදේ සෝෆි ශාම්ට නැගිටින්න කියනවා ප්‍රංශ බාශාවෙන්.ශාම් දන්න ප්‍රංශ ආයෙත් පොර්වන් නිදාගත්තා ).. ඉතින් ශාම් සහ සෝෆි එක පැත්තෙ. සහරා යෝර්ක් යුනිවර්සිටි එකේ පීඒච්ඩී හදාරන ඉරාන ජාතික කෙනෙක්.පොඅල් කියන්නේ කණ්ඩායමේ ලොක්කා,අවුරුදු 10ක් තිස්සේ ආර්ටික් එනවා,එයා තමයි CANDAC ප්‍රධන ඔපරේටර්. ඉතින් ශාම් මීට කලින් පූල් ගහල නෑලුනේ පරදින්න බලන් තමයි සෙල්ලම් කලෙ වැඩෙ කියන්නේ ගැහුවා ගේම් තුනක් ශාම් සෝෆි දෙන්නාව පරද්දන්න කාටවත්ම බැරිවුනා. ශාම් බලන් ඉන්නේ ලබන සෙනසුරදා වෙනකන්. තාම කට්ටිය බොනවා, උණු උණු පීසා හදල ගෙනවා කුස්සියේ ලොකු තැන, ඒවා කනවා,සමහරු නටනවා සින්දු දාගෙන,සමහරු ෆිල්ම් බලනවා.








මේකෙ ශාම් දකින ලස්සනම දේ තමයි මොන මොන තරතිරමෙ, මොන මොන රැකියා කලත් මේ හැමොම එක මේසෙ ඉදන් කන්වා බොනවා සෙල්ලම් කරන්වා.කිසිම වෙනසක් නෑ. කෑම කාල ඉවර උනාම කුස්සියට ඔලුව දාල කොකියට ස්තූති කරන්වා.හරිම වැදගත් සමාජ පසුබිමක් තියෙන්නේ. ලංකාවෙත් එහෙමනෙ ඉතින් නේද? කුස්සි අම්මා කන්නෙත් නෝනා එක්ක එක මේසෙ වාඩි වෙලානෙ !!!!

 ශාම් දකින විදියට එකිනෙකාව අගය කරන එකිනෙකාට ගරු කරන සමාජයක් කැනඩාවෙ තියෙන්නෙ. ඒවගේ හොද දේවල් අඩු ගානෙ ලංකාවට පුරුදු උනොත් නරකද මං අහන්නේ?



මෙහේ තියනවා තවත් අපූරු දෙයක් ඒක තමයි කන බොන ඒවාට වෙලාවක් තියනවා.ඒ වෙලාවට කන්න බැරිනම් බෙදලා අයින් කරගන්න ඕනේ නැත්තම් කෝකියට හරි සහායිකාවට හරි කියලා කෑම වෙන්කරලා තියන්න ඕනේ. උදේ කෑම 7.30-8 වෙනකන්,දවල් කෑම 12.30 ඉදන් 1 වෙනකන්,හවස කෑම 5.30-6 වෙනකන්.මේ සතියෙ දවස් වල, ඉරිදට තියෙන්නේ බ්‍රන්ච් 11.-11.30.ආයෙ හවස කෑම 6-7. ඉරිදා නිවාඩු හමොඅටම වගේ. හැබයි ශාම්,සොෆි සහ සහරා හෙට ඇවිදින්න යන්න තමයි හිතාගෙන ඉන්නේ.මොකද තාම එයාලට කිසිම සතෙක් වත් දකින්න ලැබුනේ නෑනේ. පොඩ්ඩක් අවට බලන්න යන්න තමයි ඉන්නේ.ඒ විස්තර කියන්නම් ඉදිරියට...





මෙන්න ඉන්නවා ශාම්, මතක ඇතුව ශාම් එක්ක ඉන්න අනිත් අයවත් බලන්න.මේන්න මේ ලින්ක් එකෙන්. මෙතන තියන්වා යුරීකා වල මේ දවස් ටිකට ගත්ත හුගාක් පොටෝ.......

http://acebox.uwaterloo.ca/eureka/WhoAreWe/sham.html




http://acebox.uwaterloo.ca/eureka/
















එහෙනම් හැමොඅටම සුබ සති අන්තයක්වේවා!!