Tuesday 11 March 2014

තැපැල් කන්තෝරුව


යුරීකාවේ තැපැල් කන්තෝරුව පටන් අරන් තියෙන්නේ 1947, ලංකාවට නිදහස හම්බෙන්නත් කලින්.ඒ කාලේ ඇමෙරිකාවයි කැනඩාවයි එකතුවෙලා මේ පැත්තේ පර්යේශන පටන් අරගෙන තිබිල තියනවා. මුල් කාලීනව මෙහෙට ලියුම් එනවා විතරලු. යුරීකාවට උඩින් පියාසර කරන ගුවන්යානයක් ලියුම් මලු පහලට දානවලු. පස්සේ ඒවැඩේ නතර කරන්න වෙලා තියනවා සිදුවුන ගුවන් අනතුරක් නිසා. දැන් තියන තැපෑල වැදගත් වෙන්නේ මෙහන් ලියුම් අරින්නත් පුලුවන් යවන්නත් පුලුවන්, අනිත් දේ තමයි මුද්දර රටින් රටට වෙනස් නේ හැබැයි එතකොට වෙන තැනකට යවනකොට ඒ මුද්දර කැන්සල් කරලා අලුත් මුද්දර ගහන්න වෙනවනෙ, මෙහෙන් යවන ලියුම් වලට ඒවා ඔට්ටු නෑ. මුද්දර කැනසල් කිරීමේ හැකියාවත් මෙහෙට තියනවා. ජේන් කියනවා සමහරු මෙහාට ලියුම් එවනවලු මෙහේ තියන මුද්දර ගන්න. ඉතින් එහෙම අයට එයාල සීල් ගහලා ආපහු ලියුම් යනවලු.එහෙම මුද්දර එකතු කරන අයත් මෙහේ ඉන්නවා, අපේ රටෙත් එහෙමනේ.




මේ තෑපෑල අලුත් විදියට පටන් අරන් තියෙන්නෙ අලුත් කාලගුණ මධ්‍යස්ථානය හැඩුවත් එක්කමලු, ඒ කියන්නේ 2003 වසරේ විතර. කාලගුණ මධ්‍යස්ථානයේ කට්ටියම තමයි.තෑපෑල කරන්නෙත්. ජේන් තමයි එකේත් බාරකාරයා, මේ ඉන්නේ ජේන්.



එයා තමයි දිනපතාම කාලගුණ තොරතුරු එකතු කරන බැලුන් සහ ඕසෝන් බැලුන් යවන්නේ. මතකනේ ශාම් මෙහෙට ආපු දවස්වල මුලම එයාට බැලුමක් උඩ අරින්න ඉඩ දුන්නේ මෙයා තමයි.
ශාම් සහ සෝෆි කන්තෝරුවෙ තියන හැම සීල් එකක්ම කොලේක සටහන් කරගන්න අමතක කලෙත් නෑ. මීට අමතරව ජේන් කාලගුන බැලුන් ගැනත් පොඩි විස්තරයක් කලා.ඒ ගැන පස්සේ කියන්නම්.








දන්න විදියට යුරීකා තැපැල් කන්තෝරුව තමයි උතුරු කැනඩාවෙ තියන හීතලම තැපෑල. ඉතින් ලෝකෙත් හීතලම තැන මෙතන වෙන්න පුලුවන් කියලා ජේන් කියුවා.මොකද දක්ෂිණධ්‍රැවයේ මිනිස් වාසබූමියකට කියලා තියෙන්නේ ඇමෙරිcආනු කාලගුන පර්යේෂණ ආයතනය විතරක් නිසාත්, එතනට ගියපු මහාචාර්ය ටොම්ට අනුව විශේශ තපෑලක් එහේ නොතිබුන නිසාත්.


මේ ඉන්නේ සෝෆි..

විශේෂයෙන්ම අද මේ කතාව කියන්න ශාම්ට උදව්වුනේ සෝෆි, එයා තමයි මේ හුගාක් පින්තූර අරගෙන දුන්නේ.  Thank you Sophie :)

No comments:

Post a Comment