Saturday 15 March 2014

සුදු නරි

ශාම් මෙච්චර දවසක් දුකින් හිටියේ එයාට කිසිම සතෙක් දැකගන්න ලැබුනේ නෑ කියලා. අද හැන්දෑවෙත් පෝල් කියුවා යමු යූරීකා කුණු වල ගාවට ඒ හරියේ එයාලා පහුගිය දවසක එක නරියෙක්ව දැකපු නිසා. ඉතින් යන්න වෙලාව තිබුන නිසා ශාම් පාර්කාව තියන දොර ලග කාමරේ ඉදන් ගේම් එකක් ගගහ ඉන්නකොට ඈත ඉදන් සත්තු දෙන්නෙක් දුවන් එනවා දැක්කා, හරිම පොඩියට පෙනුනේ.මොකා උනත් කමක් නෑ කියලා පට ගාල පාර්කාවත් ඇදගෙන ශාම් බැස්සා එලියට. බැහැලා සත්තු ආපු පැත්තට ඇවිදන් ගියා. ඔන්න එතකොට ගරජ් එක යටින් සද්දයක් එනවා. එතකොට තමයි ශාම්ට නිකමට වගේ හිතුනේ මුන් වෘකයෝද දන්නෙ නෑ කියලා. කමක් නෑ කට්ටිය එනකන් ඉන්නවා කියලා අපහු නැවතුම් පොල දිහාවට එන්න හැරුන විතරයි ශාම්ව පහු කරගෙන හුරතල් නරි පැටව් දෙන්නෙක් දුවන්න පටන් ගත්තා.


 දෙන්නත් එක්ක සෙල්ලම. මුලු කාලගුන මද්‍යස්තානේ වටෙටම දුවනවා, හරිම හුරතල් එක පාරටම ශාම්ගෙ ඉස්සරහටම දුවන් ඇවිත් ගානක්වත් නැතුව පහු කරගෙන යනවා. එක්කෙන්ක් හිම ගොඩේ මූන ඔබාගෙන, අනිත් එකා මෙලො සිහියක් නැතුව දුවනවා. ශාම්ට එයාගෙ බලු පැටියව තමයි මතක් උනේ මේ නරි කොලන් දැකලා. බොහොම අමාරුවෙන් පොටො දෙක තුනකුත් අල්ලගත්තා. උන්ගේ වේගෙත් එක්ක ශාම්ට හැරෙන්නත් අමාරුය්. 




අද රෑ සෙන්ට්.පැට්‍රික් දිනය වෙනුවෙන් මෙහේ පොඩි පාර්ටියක්. ඉතින් ඒකට රෙඩි වෙන්න ඔනේ නිසා අදට නවතින්නම්. ඊයේ ශාම් සහ සෝෆි පාරාදීසයේ හිම මත ලිස්සා ගියපු හැටි හෙට කියන්නම්.

No comments:

Post a Comment