Wednesday 5 March 2014

ඔස්කාර් රාත්‍රිය




ඔස්කාර් සම්මාන උළෙල පහුගිය ඉරිදා හරි ජයට තිබුනනේ. එලන් තමයි මේ අපූරු සම්මාන රාත්‍රිය මෙහෙයෙව්වේ. මේවා පරණ කතා තමයි දැන් වැඩේ කියන්නේ මේ ටිකේම ශාම් රෑ දාවල් නැතුව වැඩ. ඔන්න අද රෑට එමලි ආපහු ලන්ඩන් බලා පිටත් වෙනවා, හෙට ඉදන් ශාම් විතරයි.

 අද කතාව කියන්නේ ඔස්කාර් උලෙල ගැන. හිම බල්ලා ගැන කියන්නත් තියනව. ඒක දැක්කේ ඊයේ, තව යුරීකාවේ ශාම් ශොපින් කරපු හැටි කියන්නත් තියනවා.

තව ශොයි කතා ගොඩාක් තියනවා. අමතක නොකරම කියන්න තියන කතාවක් තමයි දක්ෂිණ ධ්‍රැව චාරිකාව ගැන.ගමන ගියේ ශාම් නම් නෙමේ,ශාම් එක්ක ඉන්න කණ්ඩායමේ ප්‍රොෆෙසර් කෙනෙක්, එයා බෲස්ටර් කියන ප්‍රසිද්ධ සහ දක්ෂ  භෞතික විද්‍යාඥයාගේ ගෝලයෙක්. ඔන්න කවෘ හඉ මතක් කරන්න මේවා ගැන ලියවුනේ නැත්තම්. ශාම්ට වැඩත් එක්ක කල්පනාව නෑ.

ඉතින් ඉරිදා රත්‍රියේ ඔස්කාර් බලන්න කට්ටියම සෙට් උනා. කෑම බීම හැමදේම තියනවා. සැප පුටු වල දිගා වෙලා ෆිල්ම් හෝල් එකක වගේ තමයි කට්ටිය ඉන්නේ. (කලුවරේ පොටෝ ගැහුවෙ නෑ !!!)
උළෙල පටන් ගන්න කලින්ම හැමොමට සියලුම සම්මාන වලට නිර්දේෂ වෙලා තිබුන ෆිල්ම් වල ලිස්ට් එකක් ලැබුනා.ඒකෙ තම තමන්ගේ මනාප නැතිනම් දිනනවා කියල හිතෙන එවා ලකුණු කලා.


මෙන්න ඉතින් පටන් ගත්තා කියමුකො උළෙල, හැමොම තම තමන් නලු නිලියන් ගැන, ෆිල්ම් ගැන දන්න දෙවල් කියනවා. හරිම විනොදයි. වැඩේ ඉවර වෙනකොට ඉතුරු වෙලා හිටියේ ශාම් ඇතුලු ගැඑනු උදවිය විතරයි, අන්ත්තිමට ගනන් කරල බැලුවා කව්ද වැඩිපුරම සම්මාන ගැන අනාවැකි කියල තිබුනේ කියල. දිනුවේ ජේන්, එයා තමයි ශාම්ට කාළගුණ බැලුන් එහෙම යවන්න කතා කලේ. එයා තමයි තැපැල් කන්ත්තොරුවෙ ලොක්කා,ඊට අමතරව කාළගුණ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා. මේකෙ තිබුන පිස්සුම පිස්සු දේ තමයි සම්මාන වලට නිර්දේෂවුන ෆිල්ම් වලින් 2කට වඩා කව්රුත් බලලා තිබුනෙ නෑ, ඒත් ජේන් කණාගහල 16ක්ම හරියට කියුවා.

"12 years of slave " සහ "Blue Jasmine" ෆිල්ම් කොහොමහරි හොයාගෙන බලන්න ශාම් හිතට ගත්තා. අනිත් එක තමයි ඩි කැප්‍රියෝ මහත්තයට මේ පාරත් සම්මානයක් අහිමිවීම ගැන එතන හිටපු හැමොම දුක උනා, හරියට තමන්ට සම්මානයක් අහිමි උනා වගේ.

ඔය මදෑ...මේක ලියන්නෙ ලේසර් ටේබල් එක උඩ වාඩි වෙලා calibration එකක් කරන ගමන් :P. බයවෙන්න කාරි නෑ ලේසර් එක වැඩ කරන්නෙ නෑ මේ වෙලාවෙ, ඒක් කිවෙ ශාම්ගේ අම්මට දැනගන්න. වෙලාව ලැබෙන හැටියට ඉතුරු කතා කියන්නම්කෝ...


No comments:

Post a Comment