Saturday 8 March 2014

හිරු සදු එකවර දෙපස නැගේ.

හිරු සදු එකවර දෙපස නැගේ, කලුවර ඇයි විජිතයම මගේ (පිස්සුද  කලුවර නෑ මෙහේ )

මෙන්න තවත් අපූරු දසුනක්. මේක දැකපු ගමන් ශාම්ට ඔලුවට ආවේ උඩ තියන සිංදු කෑල්ල. ඉර එක කොණක, හද එක කොණක, ඇයි ශාම් එයා තව කොණක.  ගෙදරින් ඈත් වෙලා ජීවිතේ කවදාවත් නොදැකපු තැන්වල තනිවෙනකොට ඉර හදට පෙම් කරන්න හිතෙන එක පුදුමයක් නෙමේ.



one side of the sky 08.03.2014

other side of the sky 08.03.2014


ඉරේ උණුසුම දැනෙනවා මදි 
සදේ සිසිලස දැනෙනවා මදි 
දුරයි ඉර 
දුරයි සද 
මට බෝ දුරයි
ඇත සිට නෙත් යොමාගෙන ඉරත් සදත් මා දෙස බලයි
සිහිනයෙන් ලං වෙමි 
හෙමින් අමතමි මව්නි පියාණෙනි ආදරෙයි


1 comment:

  1. I really like the “tilted” picture of the sun dog, we used to see those all the time in Alaska.

    ReplyDelete