Wednesday 5 March 2014

ඉර බල්ලා- SUN DOG

ඔන්න ඊයේ උදේ11.30 විතර් දවල් කෑමට නැවතුම් පොලට යන්න ශාම් එමලි එක්ක පිටත් උනා. ලැබ් එකෙන් එලියට එනකොට අංශක 90වට ඉර පායලා. කියන්න බැරි උන දෙයක් ඔන්න දැන් කියන්න යන්නේ, යූරීකා පිහිටල තියෙන්නේ ලෝකේ අංශක 80N කියලා  කියුවනේ දවසක් හැබැයි අමතක වුන කාරනේ මේකයි, මේ දවස් වල ඉර පිහිටන්නේ යුරීකාවල අංශක 90. හරිම ලස්සනයි.

ඉතින් මෙහෙම ඉර යන්තමට පයොල තියන වෙලාවෙ එලියට බැස්සම ශාම්ට ඔක්කොම අමතක වෙනවා. නිල් පාට අහස, සුදුම සුදු හිම කන්දු, ගල් උන ග්ලැසියර් එහෙම වටේම.ඔහොම අවට බලනකොට ශාම් දැක්ක පුංචි දේදුන්නක්, ශාම් කෑගහල එමලිට කියුවා අන්න දේදුන්නක් කියලා.එමලි හිනවෙලා කියපි , නෑ ඔකට කියන්නේ Sun Dog කියලා. මාර වැඩක්නේ. ඩොග් කියන්නේ බල්ලා,ඉර බල්ලෙක් අහසේ.







තවත් විපරම් කරනකොට දැක්කේ අහසෙ තැනින් තැන මේ සන් ඩොග්ස්ලා , හරියටම 4ක් තිබුනා. ඒවා හුගාක් වෙලාවට වක්‍රාකාරව පේනවලු, හැබැයි ශාම් දැක්කේ බාගෙට පායපු සන් ඩොග්ස්ලව. පින්තූර ගන්නත් ටිකක් අමාරුයි ඔක්කොම එකට අහුවෙන්න මොකද එවා තැනින් තැන විසිරිලා තිබුනේ අහසේ.

සන් ඩෝග් කියන්නේ වායුගෝලීය තවත් අපූරු නිමවුමක්, මේක ලෝකේ ඕනෑම තැනක දකින්න පුලුවන්,හැබැයි ඉර  අහසේ ඉතාමත් පහලින් පිහිටන්න ඕනේ, යුරීකා වල මේක සුලබ දසුනක් වෙලා තියෙන්නේ ඉර ඉතා පහල තියන නිසාත් හුගාක් වෙලාවට නොනැවතී වැටෙන අයිස් ක්‍රිස්ටල්ස් නිසාත.  මෙතනති වෙන්නේ ඉර එලිය අයිස් කැට වලට වැටිලා වර්තනය වෙන එකයි.

මීට අමතරව සූර්යාගේ තවත් අපූරු දසුන් යුරීකා වලදි බලාගන්න පුලුවන්. මේ තියෙන්නේ ඒවගේ තවත් දසුනක්. ඉර කොහෙවත් එලිය කොහෙවත්. ලස්සනයිනේ?



No comments:

Post a Comment